පාලක ඇතුල් කරන්න
මෙවලම් පෙට්ටි තීරුව විවෘත කරයි.
පාලක ඇතුල් කරන්න
-
සංස්කාරක ආකාරයේදී ගුණාංග සංවාද විවෘත කිරීමට ද්චී ක්ලික් කරන්න.
-
සංස්කාරක ආකාරයේදී ඔබට පාලකයක් දකුණු ක්ලික් කර කපන්න, පිටපත් කරන්න සහ අලවන්න විධාන තේරීමටද හැක.
බොත්තම
විධාන බොත්තමක් එක් කරයි. ඔබට මූසික ක්ලික් කිරීමක් වැනි අර්ථ දැක්වූ සිද්ධියක් සඳහා විධාන බොත්තමක් භාවිතා කල හැක.
ඔබට අවශ්‍යනම් බොත්තමට පෙළ හෝ චිත්‍රක එක් කල හැක.
අනුරූ පාලකය
චිත්‍රකයක් ප්‍රදර්ශනය කරන පාලකයක් එක් කරයි.
සළකුණු කොටුව
ක්‍රියාවක් සක්‍රිය කරන්න හෝ සක්‍රිය කරන්න භවිතා කල හැකි සළකුණු කොටුවක් එක් කරයි.
අභිරුචි බොත්තම
පරිශීලකට අභිරුචි ගණනාවකින් තෝරාගත හැකි බොත්තමක් එක් කරයි. සමූහ අභිරුචි බොත්තම් වලට අනුගාමී පටිති දර්ශක තිබිය යුතුය. ඒවා පොදුවේ සමූහ කොටුවක් මඟින් වට කර ඇත. ඔබට අභිරුචි බොත්තම් සමූහ දෙකක් තිබේ නම් ඔබ සමූහ රාමුවේ සමූහ දෙකේ පටිති දර්ශක අතර පටිති සුචියක් ඇතුල් කල යුතුය.
ලේබල ක්ෂේත්රය
පෙළ ලේබල ප්‍රදර්ශනය සඳහා ක්ෂේත්රයක් එක් කරයි. මෙම ලේබල පෙර අර්ථ දැක්වූ පෙළ ප්‍රදර්ශනය සඳහා පමණක් වන අතර පෙළ ඇතුල් කිරීම සඳහා නොවේ.
පෙළ කොටුව
ඔබට පෙළ ඇතුල් කල හැකි සහ සංස්කරණය කල හැකි ආදාන කොටුවක් එක් කරයි.
ලැයිස්තු කොටුව
ඔබට ලැයිස්තුවක ප්‍රවේශයක් මත ක්ලික් කල හැකි කොටුවක් එක් කරයි.
සංයුක්ත කොටුව
සංයුක්ත කොටුවක් එක් කරයි. සංයුක්ත කොටුවක් යනු එක් පරිශීලකට ක්ලික් කර ලැයිස්තුවෙන් ප්‍රවේශයක් තෝරාගත හැකි තනි රේඛාවේ ලැයිස්තු කොටුවකි. ඔබට අවශ්‍යනම් සංයුක්ත කොටුවක ප්‍රවේශ "කියවීමට පමණක්" සැකසිය හැක.
තිරස් අනුචලන තීරුව
සංවාදයට තිරස් අනුචලන රේඛාවක් එක් කරයි.
සිරස් අනුචලන රේඛාව
සංවාදයට සිරස් අනුචලන රේඛාවක් එක් කරයි.
සමූහ කොටුව
අභිරුචි බොත්තම් වැනි සමාන පාලක දෘශ්‍යව සමූහනය කිරීමට ඔබට භාවිතා කල හැකි රාමුවක් එක් කරයි.
වෙනස් සමූහ දෙකක අභිරුචි බොත්තම් අර්ථ දැක්වීමට සමූහ රාමුවේ පටිති සුචිය සමූහ දෙකේ පටිති දර්ශක අතර මැද බව සහතික කර ගන්න.
ප්‍රගති තීරුව
සංවාදයට ප්‍රගති තීරුවක් එක් කරයි.
තිරස් රේඛාව
සංවාදයට තිරස් රේඛාවක් එක් කරයි.
සිරස් රේඛාව
සංවාදයට සිරස් රේඛාවක් එක් කරයි.
දින ක්ෂේත්රය
දින ක්ෂේත්රයක් එක් කරයි.
ඔබ "පහතට අත්හරින්න" ගුණාංගය දින ක්ෂේත්රයට ආදේශ කලොත් පරිශීලකට දිනය තේරීම්ය දින දර්ශනයක් පහලට අත්හැරිය හැක.
වේලා ක්ෂේත්රය
වේලා ක්ෂේත්රයක් එක් කරයි.
සංඛ්‍යාත්මක ක්ෂේත්රය
සංඛ්‍යාත්මක ක්ෂේත්රයක් එක් කරයි.
මුදල් ක්ෂේත්රය
මුදල් ක්ෂේත්රයක් එක් කරයි.
හැඩගැස්වූ ක්ෂේත්රය
ආදාල කරන හෝ ප්‍රතිදාන කරන පෙළ සඳහා මෙන්ම ඕනෑම සීමා කිරීමේ අගයන් සඳහා ඔබට හැඩතල ගැන්වීමක් අර්ථදැක්විය හැකි පෙළ කොටුවක් එක් කරයි.
මෝස්තර ක්ෂේත්රය
ආවරණය කල ක්ෂේත්රයක් එක් කරයි. ආවරණය කල ක්ෂේත්රයක් ප්‍රදාන ආවරණයකින් සහ සත්‍ය ආවරණයකින් සමන්විත වේ. කුමන පරිශීලක දත්ත ඇතුල් කල හැකිද යන්න ප්‍රදාන ආවරණය තීරණය කරයි. සත්‍ය ආවරණය පෝරමය ප්රවේශවන විට ආවරණය කල ක්ෂේත්රයේ තත්වය තීරණය කරයි.
ගොනු තේරීම
ගොනු තේරීමේ සංවාදයක් විවෘත කරන බොත්තමක් එක් කරයි.
තෝරන්න
තේරීමේ ආකාරය සක්‍රිය කරයි හෝ අක්‍රිය කරයි. මෙම ආකාරයේදී, ඔබට සංවාදයක පාලක සංස්කරණය කල හැකි වන පරිදි පාලක තේරිය හැක.
ගුණාංග
තේරූ පාලකයේ ගුණාංග සංස්කරණය කල හැකි සංවාදයක් ආරම්භ කරයි.
පරීක්ෂණ ආකාරය සක්‍රිය කරන්න
පරීක්ෂණ ආකාරය ආරම්භ කරයි. පරීක්ෂණ ආකාරය අවසන් කිරීමට සංවාදය වහන්න අයිකනය ක්ලික් කරන්න.
භාෂාව කළමනාකරණය කරන්න
බහු භාෂා සඳහා සංවාද සම්පත් බහු කුලක සක්‍රිය කිරීමට හෝ කළමනාකරණය කිරීමට සංවාදයක් විවෘත කරයි.
රුක් පාලකය
ධූරාවලි ලැයිස්තුවක් පෙන්විය හැකි රුක් පාලකයක් එක් කරයි. API ඇමතුම් (XtreeControl) භාවිතා කරමින් ඔබට ඔබේ වැඩසටහනින් ලැයිස්තුව වැඩි කර ගත හැක.
Table Control
Adds a table control that can show a table data. You can populate the data by your program, using API calls.
Hyperlink Control
Adds a hyperlink control that can open an address in web browser.