පාදසටහන/අක්සටහන
පාදසටහනක් හෝ අක්සටහනක් ලේඛනයේ ඇතුලත් කරයි. කර්සරය දැනට පවතින ස්ථානයේ සටහන සඳහා නැංගුරම ඇතුලත් වේ. ඔබට ස්වයංක්‍රීය අංකනය හෝ අභිරුචි සංකේතයක් තෝරාගත හැක.
පහත විකල්ප පාදසටහන් හා අක්සටහන් වලට අදාල වේ.
පාදසටහන් පිටුවේ අවසානයට ඇතුලත් කරන අතර, අක්සටහන් ලේඛනයේ අවසානයට ඇතුලත් කෙරේ.
අංකනය
පාදසටහන් හා අක්සටහන් සඳහා ඔබට භාවිතා කිරීමට අවශ්‍ය අංකන වර්ගය තෝරා ගන්න.
ස්වයංක්‍රීය
ඔබ ඇතුලත් කරන පාදසටහන් හා අක්සටහන් සඳහා පිලිවෙලින් අංක ස්වයංක්‍රීයව යොදයි. ස්වයංක්‍රීය අංකනය සඳහා සැකසුම් වෙනස් කිරීමට, මෙවලම් - පාදසටහන්/Endnotes ක්ලික් කරන්න.
අකුර
පවතින පාදසටහන සඳහා සංකේතයක් හෝ අකුරක් අර්ථදැක්වීමට මෙම විකල්පය තෝරා ගන්න. මෙය අකුරක් හෝ අංකයක් විය හැක. විශේෂ අකුරක් යෙදීමට, යටින් ඇති බොත්තම ක්ලික් කරන්න.
Choose
පාදසටහන් හෝ අක්සටහන් නැංගුරමක් ලෙස විශේෂ අකුරක් ඇතුලත් කරයි.
වර්ගය
පාදසටහනක් හෝ අක්සටහනක් ඇතුලත් කිරීම තෝරා ගන්න. අක්සටහන් අංකනය, පාදසටහන් අංකනයෙන් වියුක්තය.
පාදසටහන
ලේඛනයේ කර්සරය පවතින ස්ථානයට පාදසටහන් නැංගුරමක් ඇතුලත් කර, පිටුවේ යටින් පාදසටහනක් ඇතුලත් කරයි.
අක්සටහන
ලේඛනයේ කර්සරය පවතින ස්ථානයට අක්සටහන් නැංගුරමක් ඇතුලත් කර, පිටුවේ යටින් අක්සටහනක් ඇතුලත් කරයි.